බෝයිං 737ට හොඳ ලකුණක්

මාර් 12, 2019

    මතභේදයට තුඩු දී ඇති බෝයිං 737 මැක්ස් 8 වර්ගයේ ගුවන් යානා පියාසර කිරීමට සුදුසු තත්වයේ ඇති බව, අමෙරිකානු අධිකාරිය පවසයි.

    අමෙරිකානු ෆෙඩරල් ගුවන් සේවා පරිපාලන අධිකාරිය ඊයේ මේ බව සඳහන් කළේය පසුගියදා සිදුවූ ගුවන් අනතුරත් සමඟ ඇති වූ කතාබහට පිළිතුරක් වශයෙන්. බෝයිං 737 මැකැස් 8 වර්ගයේ ගුවන් යානා දෙකක් මාස 6ක කාලයක් ඇතුළත අනතුරට ලක්වීම මෙම මතභෝදයට මුල්වී තිබේ.

    බොහෝ ගුවන් සමාගම් මේ වන විට එම යානා තාවකාලිකව පියාසර නොකිරීමට තීරණය කර තිබේ. පසුගිය ඔක්තෝබර් මාසයේ ලයන් එයාර් ගුවන් සමාගමට අයත් මේ වර්ගයේ ගුවන් යානයක් පුද්ගලයින් 189 සමග අනතුරට ලක්විය. පසුගිය ඉරිදා ඉතියෝපියානු ගුවන් සමාගමට අයත් මේ වර්ගයේ යානයක් අනතුරට ලක්වුණේ 157 දෙනෙක් සමගින්. අනතුරු දෙකේදීම එහි සිටි සියලුදෙනා ජීවිතක්ෂයට පත්විය.

    Last modified on අඟහරුවාදා, 12 මාර්තු 2019 08:12

    Latest News