කාලගුණික, හදිසි තත්වයක් ප්‍රකාශ කිරීමට අමෙරිකානු ජනාධිපතිගේ අවධානය

ජූලි 25, 2022

    කාලගුණික, හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කිරීමට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්ගේ අවධානය යොමු වී තිබෙනවා.

    එරට දේශගුණික නියෝජිත ජෝන් කෙරී මේ බව සඳහන් කළා.

    හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කිරීමෙන් දේශගුණික විපර්යාස වැලැක්වීම සඳහා ක්‍රියා කිරීමට ජනාධිපතිවරයාට වැඩි බලතල හිමි වනු ඇති. දේශගුණික විපර්යාස වැලැක්වීම සදහා වැඩි බලතල ලබා ගැනීමට ජනාධිපතිවරයාට තිබු පනතට කොංග්‍රස් මණ්ඩලය විසින් බාධා පමුණුවා තිබුණා. කෙසේ වෙතත්, කාලගුණික හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු එම පියවර ගැනීමට ජනාධිපතිවරයාට තිබූ බාධා ඉවත් වන බවයි ජෝන් කෙරී පවසන්නේ.

    Latest News