රුසියාව ගෑස් සැපයුම තවදුරටත් සීමා කරයි

ජූලි 26, 2022

    යුරෝපයට සපයන ගෑස් තවදුරටත් සීම‌ා කිරීමට රුසියාව තීරණය කර තිබෙනවා.   නඩත්තු කටයුත්තක් ඊට හේතුවයි. 

    රුසියාවේ ප්‍රධානතම ගෑස් සැපයුම්කරුවා වන ගෑස්ප්‍රොම් ආයතනය පවසන්නේ,  නෝර්ඩ් ස්ට්‍රීම් වන් නල පද්ධතියේ ගෑස් ධාරිතාව තවත් සියයට 20 කින් අඩු කිරීම‌ට සිදුවන බවයි.  ඒ අනුව යුරෝපයට සාමාන්‍යයෙන් යැවෙන ගෑස් ප්‍රමාණය සියයට 50 කින් අඩු වන බව විදෙස් මාධ්‍ය වර්තා පවසනවා.

    රුසියාවේ මෙම තීරණය හේතුවෙන් ඉදිරි ශීත කාලගුණයට අවශ්‍ය ගෑස් ගබඩා කර ගැනීමට යුරෝපා රටවලට අසීරු වනු ඇති.  

    මේ මස මුල් දින වලදී ද මෙම නල පද්ධතිය වාර්ශික නඩත්තු කටයුත්තක් සඳහා දින 10ක් සම්පූර්ණයෙන්ම වසා තැබුණා. රුසියාවේ සිට ජර්මනිය දක්වා දිව යන මෙම නෝර්ඩ් ස්ට්‍රීම් වන් නල පද්ධතිය යුරෝපයට ගෑස් සපයන ප්‍රධානතම මාර්ග වලින් එකක්. යුරෝපයේ ගෑස් අවශ්‍යතාවයෙන් සියයට 40 ක් සපයන්නේ රුසියාවයි.

    Latest News