හිත තරුණ බයිඩන්ගේ අවසන් බලාපොරොත්තුව

ජූලි 12, 2024
    අමෙරිකානු ඉදිරි ජනාධිපතිවරණය ජය ගැනීමට වඩාත් සුදුසුම පුද්ගලයා තමා බව ජනාධිපති ජෝ බයිඩන් පවසනවා.

     ඔහු පෙන්වා දෙන්නේ, ඒ සදහා තමන් වඩාත් යෝග්ය සෞඛ්ය තත්වයකින් පසුවන බවයි.

    ජනාධිපතිවරණයෙන් ඉවත් වන ලෙස ජෝ බයිඩන්ට මේ වන විට දිගින් දිගටම බලපෑම් එල්ල වෙමින් පවතිනවා.
     
    බොහෝ දෙනෙකු පවසන්නේ, ජනාධිපති ධුරයට තරග කිරීමට හැකි මානසික හා සෞඛ්ය තත්වයකින් ඔහු පසු නොවන බවයි.
     
    ඉදිරි ජනාධිපතිවරණය සඳහා සියලු කටයුතු සූදානම් කෙරෙමින් පවතින බව ජෝ බයිඩන් කියා සිටිනවා.
     
    ඔහු අවධාරණය කරන්නේ, තමා මෙවර තරග කරන්නේ, තම උරුමය සඳහා නොව, තමන් විසින් ආරම්භ කරන ලද වැඩකටයුතු අවසන් කිරීමේ අරමුණින් බවයි.
     
    81 හැවිරිදි ජෝ බයිඩන්ගේ සෞඛ්ය තත්වය පිළිබඳව මේ වන විට බොහෝ දෙනා චෝදනා එල්ල කරමින් සිටිනවා.
     
    එම පාර්ශ්ව පෙන්වා දෙන්නේ, පවතින දුර්වල සෞඛ්ය තත්වය හේතුවෙන් ඔහු ජනාධිපතිවරණ තරගයෙන් ඉවත් විය යුතු බවයි.

    Latest News