ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන්නයි ජෝබයිඩන්ගෙන් ඉල්ලීමක්

නොවැ 08, 2023
    ගාසා තීරයේ සටන් විරාමයක් සඳහා එකඟ වන්නැයි අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඊශ්රායල් අග්රාමාත්ය බෙන්ජමින් නෙතන්යාහුගෙන් ඉල්ලා තිබෙනවා.
    ප්රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීම සඳහා මෙම පියවර ගත යුතු බවයි අමෙරිකානු ජනාධිපතිවරයා කියා සිටින්නේ. ඒ පිළිබඳව ඊශ්රායල අග්රාමාත්යවරයාගේ ස්ථාවරත්වය මෙතෙක් ප්රකාශ කොට නැහැ.
     
    අමෙරිකානු ජනාධිපතිවරයා ඊයේ ඊශ්රායල් අග්රාමාත්යවරයා සමග දුරකථනයෙන් සාකච්ඡා කළා. සටන් විරාමයකට එළඹීමෙන් ප්රාණ ඇපකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් තීරණයකට එළඹිය හැකි බවටඑ සාකච්ඡාවේදී අවධානය යොමුවූ බව ධවල මන්දිර ප්රකාශකයෙකු කියා සිටිනවා.
     
    සටන් විරාමය සදහා දින 3 ක කාලයක් යෝජනා කළද, අමෙරිකානු ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් නිශ්චිත අදහස් ප්රකාශ නොකළ බවයි විදෙස් මාධ්ය වාර්තා සඳහන් කරන්නේ. යුද්ධයෙන් පසු ගාසා තීරය ඊශ්රායලය විසින් අත්පත් කර ගැනීමට සහය නොදෙන බවයි ජෝ අමෙරිකාව ප්රකාශ කරනවා.
     
    ජාතික ආරක්ෂක කවුන්සිලයේ ප්රකාශකයෙකු කියා සිටින්නේ, අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඊශ්රායල් හමුදාව විසින් ගාසා තීරය නැවත අත්පත් කර ගැනීම නිවැරදි ක්රියාවක් නොවන බව ප්රකාශ කර බවයි.
     
    ගාසා තීරයේ දිනකට ළමයින් 160 දෙනෙකු පමණ මිය යන බව එක්සත් ජාතීන්ගේ නියෝජිත ආයතනය පවසනවා. ඊශ්රායල ප්රහාරවලින් මියගිය පලස්තීන ජාතිකයන් සංඛ්යාව 10,300 ක් වන අතර, ඉන් 4100 කට වඩා ළමයින් බවයි හමාස් සෞඛ්ය අමාත්යාංශය පවසන්නේ.
    Last modified on බදාදා, 08 නොවැම්බර් 2023 12:38

    Latest News