ඡනපති බයිඩන් කලින්ම ඡන්දය දෙයි

ඔක් 31, 2024

    47 වන ජනාධිපතිවරයා තෝරා පත්කරගැනීම වෙනුවෙන් එළැඹෙන නොවැම්බර් 5 වනදා පැවැත්වෙන එක්සත් ජනපද ජනාධිපතිවරණය වෙනුවෙන් තරග වදින ප්‍රධාන අපේක්ෂකයින් වන රිපබ්ලිකන් පක්ෂයේ ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂයේ කමලා හැරිස්, ඊයේ (30) ඔවුන්ගේ අවසාන මැතිවරණ රැළි පවත්වනු ලැබුවා.

    සංඛ්‍යා දත්ත වලට අනුව මිලියන 186කට අධික පිරිසක් ඡන්දය භාවිතා කිරීමට සුදුසුකම් ලබා ඇති අතර එරට මැතිවරණ නීතියට අනුව සිය මනාපය කලින් භාවිත කිරීමට ඡන්ද දායකයින්ට අවස්ථාව හිමිවනවා.

    ඒ අතුරින් ඡන්ද දායකයින් මිලියන 50 කට වැඩි පිරිසක් දැනටමත් සිය ඡන්දය පළ කර ඇති බව වාර්තා වනවා.

    ඒ අනුව එරට වත්මන් ජනපති ජෝ බයිඩන්ද ඡන්දය භාවිතා කර තිබෙනවා. ඒ ඩෙලවෙයාර් හි නිව් කාසල් ප්‍රදේශයේ පිහිටි ජනපතිවරයාගේ නිවස ආසන්නයේ ඡන්ද මධ්‍යස්ථානයකදීයි.

    81 හැවිරිදි ජනපතිවරයා සාමාන්‍ය ජනයා සමග සුහදව කතා බහ කරමින් මිනිත්තු 40 ක් පමණ පෝලිමේ රැඳී සිට සිය ඡන්දය භාවිතා කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

    Latest News