අමෙරිකානු ජනපතිට කොරෝනා වැළඳේ

ජූලි 22, 2022

    අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් හට කොරෝනා වෛරසය වැලඳී ඇති බවට ධවල මන්දිරය ප්‍රකාශ කර තිබෙනවා.

    නමුත් ඔහු පීඩාවකින් තොරව සාමාන්‍ය අයුරින් සිටින බවද, තහවුරු කර තිබෙනවා.

    වයස අවුරුදු 79 වක් වූ ජනාධිපතිවරයා මේ වන විට සම්පූර්ණ එන්නත්කරණයට ලක්කර තිබූ බව, ධවල මන්දිර වාර්තාවේ සඳහන්. ඔහු හට අල්ප වශයෙන් වෛරසය නිසා හට ගන්නා සුළු ලක්‍ෂණ පෙන්නුම් කරන අතර, ධවල මන්දිරය තුළම නිරෝධායනය සඳහා වෙන් කළ කුටියක් සූදානම් කර ඇති බව වාර්තා වනවා. මේ වන විට නිරෝධායනය වන ජනාධිපති බයිඩන්, දෛනික වැඩකටයුතු සඳහා කාර්ය බහුල වී ඇති බවයි, ධවල මන්දිරය වැඩිදුරටත් සඳහන් කර ඇත්‍තේ. ජනාධිපති බයිඩන්ගේ ආර්යාව වන ජිල් බයිඩන් සඳහා කළ කොරෝනා වෛරස් පරීක්‍ෂාවෙන් අනතුරුව ඇයට ආසාධනය වී නොමැති බව තහවුරු වී තිබෙනවා. මේ නිසා ජනාධිපති ආර්යාව සඳහා නිරෝධායනය සිදු නොකරන අතර, බයිඩන් සිය නිරෝධායන කුටියේ සිට ඉදිරි දිනයන් තුළ සේවය කිරීමට නියමිතයි.

    Latest News