යුක්‍රේනය සහ රුසියාව ධාන්‍ය අපනයනය සඳහා නව ගිවිසුමකට...

ජූලි 22, 2022

    යුක්‍රේනය සහ රුසියාව ධාන්‍ය අපනයනය සඳහා නව ගිවිසුමකට එළඹීමට තීරණය කර තිබෙනවා.

    දෙරට අතර යුද්ධය හේතුවෙන් ගෝලීය ආහාර මිල ඉහළ යාමට මෙය පිළිතුරක් විය හැකි බවයි, විදෙස් මාධ්‍ය පවසන්නේ.  ලොව ධාන්‍ය අපනයනය කරන ප්‍රධාන රටවල් දෙකක් ලෙස යුක්‍රේනය සහ රුසියාව සැලකෙනවා. යුද්ධය ආරම්භයත් සමග ගෝලීය වෙළඳපොළේ ධාන්‍ය මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා. මේ හේතුවෙන් ධාන්‍ය ආශ්‍රිතව නිෂ්පාදනය කෙරෙන ආහාර බොහොමයක නිෂ්පාදන කටයුතු අඩාල වී ඇති බවයි, වාර්තා වන්නේ.

    යුද්ධය නිසා දැනටමත් ගෝලීය වශයෙන් පවතින ධාන්‍ය හිඟය ඉදිරියේ දී උග්‍ර විය හැකි බවයි, ආර්ථික විශේෂඥයන් පෙන්වා දෙන්නේ. යුදමය වාතාවරණයක් පැවතියද ධාන්‍ය අපනයනය විධිමත් කිරීම සඳහා රුසියාව හා යුක්‍රේනය මෙම ගිවිසුමට එළඹෙනු ඇති බවයි, විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

    Latest News