ඉවානා ට්‍රම්ප්ගේ අවසන් කටයුතු නිව්යෝර්හි දී අද

ජූලි 21, 2022

    අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පළමු බිරිඳ වන ඉවානා ට්‍රම්ප්ගේ අවසන් කටයුතු නිව්යෝර්හිදී අද සිදු කිරීමට නියමිතයි.

    73 හැවිරිදි වියේ පසුවූ ඇය පසුගියදා තම නිවසේ සිදුවූ අනතුරක් හේතුවෙන් මියගොස් තිබෙනවා.

    ඇය තම නිවසේ, තරප්පු පෙළ මත ලිස්සා වැටී ඇති බවයි වාර්තා වන්නේ. 1977 වසරේ ඩොනල්ඩ් ට්‍රම්ප් හා විවාහ වූ ඉවානා 1992 වසර දක්වා වසර 15 ක් ඩොනල්ඩ් ට්‍රම්ගේ නීත්‍යානුකූල බිරිඳ ලෙස කටයුතු කළා. ඇයගේ පවුලේ ඥාතීන් අවමංගල්‍යයට සහභාගි වීම සඳහා නිව්යෝර්ක් නුවරට පැමිණ සිටිනවා. ට්‍රම්ගේ හා ඉවානාගේ දරුවන් තිදෙනා වන, ඉවන්කා ට්‍රම්ප්, එරික් ට්‍රම්ප් හා ඩොනල්ඩ් ජොන් ට්‍රම්ප් සහ පවුලේ සියලු දෙනා අවමංගල්‍යය සඳහා සහභාගි වීමට නියමිත අතර, ඔවුන් සියලු දෙනා එකට එකතුවීම ඉතා කලාතුරකින් සිදුවන්නක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

    Latest News