ලෝක ආර්ථික අර්බුදය ගැන අමෙරිකාවෙන් චීනයට චෝදනාවක්

ජූලි 21, 2022

    ලෝකය මුහුණ දී සිටින දැඩි ආර්ථික අර්බුදය විසඳීමට ලොව දෙවන විශාලතම ආර්ථිකයට හිමිකම් කියන චීනය ප්‍රමාණවත් දායකත්වයක් නොදක්වන බවට අමෙරිකාව චෝදනා කරනවා.

    අන්තර් ජාතික සංවර්ධනය පිළිබඳ අමෙරිකානු ඒජන්සිය ප්‍රධාන වශයෙන් මෙම චෝදනාව එල්ල කර තිබෙනවා.

    කොරෝනා වසංගතයේ බලපෑමත් සමග ගෝලීය ආර්ථිකය මන්දගාමී ස්වභාවයක් ගෙන තිබුණා. අනතුරුව, රුසියා-යුක්‍රේන යුද්ධයත් සමග එය තවදුරටත් පසුබෑමකට ලක් ව තිබෙනවා. මේ හේතුවෙන් දියුණු වෙමින් පවත්නා රටවල හා දිළිඳු රටවල ජනතාව දැඩි පීඩනයකට ලක්ව ඇති බවයි අමෙරිකාව පෙන්වා දෙන්නේ. අන්තර් ජාතික සංවර්ධනය පිළිබඳ අමෙරිකානු ඒජන්සියේ ප්‍රධානී සමන්තා පවර් මහත්මිය සඳහන් කරන්නේ, මේ වන විට ලොව මුහුණ දී සිටින දැඩි ආර්ථික අර්බුදයට සියලු රටවල් එක්ව විසඳුම් සෙවිය යුතු බවයි. ආර්ථික පසුබෑමත් සමග බොහෝ කලාපීය රටවල උද්ධමනය ඉහළ ගොස් ඇති අතර, ආහාර මිල ඉහළ යාම ගෝලීය ගැටලුවක් බවට පත් වෙමින් තිබෙනවා. රුසියා-යුක්‍රේන යුද්ධය හේතුවෙන් මතුව ඇති ඉන්ධන හා ආහාර හිඟය මගහරවා ගැනීමට චීනය ගෝලීය වශයෙන් සහය ලබාදියයුතු බවයි සමන්තා පවර් මහත්මිය පවසන්නේ.

    Latest News