ළමුන් සුරැකීම සඳහා ඇපකැප වන්නැයි චීනය ජගත් ප්‍රජාවෙන් ඉල්ලයි

ජූලි 21, 2022

    එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීන නිත්‍ය නියෝජිත Zhang Jun මහතා 19 වැනිදා පැවති එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ, ළමුන් හා සන්නද්ධ ගැටුම් පිළිබඳ විවෘත විවාදයේ දී මේ බව සඳහන් කළේ ය.

    ජගත් ප්‍රජාව ළමුන් සුරැකීමේ දී,  බරපතල ළමා හිංසකයන්ට අනිවාර්යයෙන් ම ප්‍රබල නීතිමය දඬුවම් පැමිණවිය යුතුය. එවැනි අපරාධ කිසිසේත් නොසලකා හැරිය නොහැකි බව Zhang Jun මහතා මෙහිදී අවධාරණය කළේය.

    ආරක්ෂක මණ්ඩලය, සටන් විරාමය සහ දේශපාලන ක්‍රමවලින් ගැටළු නිරාකරණය කිරීම උදෙසා කැපවිය යුතු ය. ගැටුම්වලින් පීඩාවට ලක් ව සිටින ළමුන්ට හැකි ඉක්මණින් ම සාමය භුක්ති විඳීමට ද අවස්ථා සැලසිය යුතු ය. ළමුන් ආරක්ෂා කිරීමේ ක්‍රියාවලියේ දී ළමා මූලික අයිතිවාසිකම්වලට කිසිසේත් ම ප්‍රචණ්ඩත්වයෙන් බාධා එල්ල විය නොහැකි බව ද Zhang Jun මහතා පවසයි.
    වත්මන් ගෝලීය ආහාර, බලශක්ති හා මූල්‍ය අර්බුද හමුවේ, ගැටුම්වලින් දුක්පීඩා විඳිමින් සිටින දරුවන්ට වෙනත් කවර අවස්ථාවකටත් වඩා උපකාර අවශ්‍ය වන බව ද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීන නිත්‍ය නියෝජිතයා එහිදී තවදුරටත් සඳහන් කර ඇත.

    Latest News