සු‍ඩානයේ ජනවාර්ගික ගැටුම්වලින් 31ක් මරුට

ජූලි 18, 2022

    සු‍ඩානයේ ජනවාර්ගික ගැටුම්වලින් පුද්ගලයින් 31 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ. මේ හේතුවෙන්, එරට ඇඳිරිනීතිය පනවා ඇති බවයි, විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළේ.  

    ගැටුම් හට ගෙන ඇත්තේ, සුඩානයේ බ්ලූනයිල් දිස්ත්‍රික්ක‍යේ. ගැටුම් පාලනය කිරීම සඳහා මේ වන විට හමුදාව යොදාවා තිබෙනවා. බෙට්ට්‍රී සහ හවාසා ගෝත්‍ර දෙක අතර ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් ඇති වූ මත භේදයකට පසුවයි, ගැටුම හට ගෙන ඇත්තේ.

    ගැටුම් අතරතුර කඩ සාප්පු සහ නිවාස දේපළ රැසක් ද ගිනිබත් කර ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

    පනවා ඇති ඇඳිරිනීති තත්වය නොසලකා ගැටුම් හට ගන්නා බවයි, විදෙස් මාධ්‍ය වාර්තාවල  සඳහන්. 

    Last modified on සදුදා, 18 ජූලි 2022 10:59

    Latest News