ඉන්දීය ජනාධිපතිවරණය සඳහා ඡන්ද විමසීම අද (18)...

ජූලි 18, 2022

    ඉන්දීය ජනාධිපතිවරණය සඳහා ඡන්ද විමසීම පාර්ලිමේන්තු මන්දිරයේ සහ ප්‍රාන්ත ව්‍යවස්ථාදායක සභාවලදී අද සිදු කෙරුණා.

    එරට 15 වැනි ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ව්‍යවස්ථාදායක සභාවේ මන්ත්‍රීවරුන් 4,800 ක් පමණ උදෑසන සිට ඡන්දය ප්‍රකාශ කළා.  අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, හිටපු අගමැති මන්මෝහන් සිං යන මහත්වරුන් මෙන්ම රට පුරා සිටින ප්‍රධාන අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඡන්දය ප්‍රකාශ කළ බව, ඉන්දියානු මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

    15 වැනි ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ව්‍යවස්ස්ථාදායක සභාවේ මන්ත්‍රීවරුන් 4,800 ක් පමණ උදෑසන සිට සවස 5.00 දක්වා ඡන්දය ප්‍රකාශ කරනු ලැබුවා. ඡන්දය ගණන් කිරීම ලබන 21 වැනිදා සිදු කෙරෙන අතර, මීළඟ ජනාධිපතිවරයා දිවුරුම් දෙන්නේ, එළඹෙන 25 වැනි දිනයි.

    ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සංධානයේ අපේක්ෂිකා ද්‍රව්පදි මූර්මූ සියයට 60 ක වැඩි ඡන්ද ප්‍රමාණයකින් ජය ගනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. ඇය වෙනුවෙන් පක්ෂ 9 ක සහය හිමිව තිබෙන බව, ඉන්දීය මාධ්‍ය වාර්තාවල සඳහන්.

    Latest News