යුරෝපයේ ලැව්ගිනි තත්වය උත්සන්න වෙයි

ජූලි 18, 2022

    යුරෝපයේ ලැව්ගිනි තත්වය වඩාත් උත්සන්න වී තිබේ. මේ වන විට රටවල් රැසකට මෙම ලැව්ගිනි පැතිර ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

    ප්‍රංශය, ස්පාඤ්ඤය, ක්‍රොඒෂියාව, පෘථුගාලය සහ ග්‍රීසිය යන රටවලින් ලැව්ගිනි වාර්තා වී තිබෙනවා. ලැව්ගිනි හේතුවෙන් ප්‍රංශයේ 14,000 කට වැඩි පිරිසක් ආරක්ෂිත ප්‍රදේශවලට ඉවත් කර ගැනීමට එරට රජය පියවර ගෙන ඇති අතර ස්පාඤ්ඤයේ තුන්දහසකට වැඩි පිරිසක් ඉවත් කරගෙන ඇති බවයි එරට රජය පවසන්නේ.

    යුරෝපයට මේ දිනවල බලපා ඇති උණුසුම් කාලගුණික තත්වය හේතුවෙන් ලැව්ගිනි වේගයෙන් ව්‍යාප්ත වන බවයි විශ්ලේශකයින් පවසන්නේ. ප්‍රංශයෙන් අද සහ හෙට යන දිනවල සෙල්සියස් අංශක 41ක උශ්ණත්වයක් පවතිනු ඇති බවයි කාලගුණ බලධාරීන් පවසන්නේ.

    පෘථුගාලයෙන් පසුගියදා සෙල්සියස් අංශක 47ක උශ්ණත්වයක් වාර්තා විය. 

    ඒ හේතුවෙන් පසුගිය සතිය පුද්ගලයින් 600කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වූ බවයි පෘථුගාල රජය පවසන්නේ. මියගිය බොහෝ දෙනා වැඩිහිටි පුද්ගලයින්. මේ අතර බ්‍රිතාන්‍ය රජයද එරට ජනතාවට උණුසුම් කාළගුණ අනතුරු ඇගවීම් නිකුත් කර තිබේ. 

    Last modified on සදුදා, 18 ජූලි 2022 10:25

    Latest News