එක්සත් රාජධානියේ ජීවන මිල සහ උද්දමනය ඉහළට...

ජූනි 25, 2022

    එක්සත් රාජධානියේ ජීවන මිල සහ උද්දමනය ඉහළයාම හේතුවෙන් එරට පුද්ගලයින් ආහාර මිලදී ගැනීම අඩුකර ඇති බව වාර්තාවනවා.

    මේ බව හෙළි වී ඇත්තේ, එරට ජාතික සංඛ්‍යා ‍ලේඛණ කාර්යාලය සිදුකළ සමීක්ෂණයකින්. සුපිරි වෙළඳසැල්වලින් ලබාගත් බිල්පත් මෙම සමීක්ෂණයට පාදක කරගෙන තිබෙනවා. එක්සත් රාජධානියේ වැඩිහිටියන්ගේ අඩකට ආසන්න පිරිසක් ප්‍රකාශ කර ඇත්තේ, ආහාර මිල ගණන් ඉහළයාම හේතුවෙන් ඉකුත් දෙසතිය තුළ ආහාර අඩුවෙන් මිලදී ගත් බවයි.

    එරට ජාතික සංඛ්‍යාලේඛන කාර්යාල පවසන්නේ ආහාර සඳහා මාසික වියදම දෙගුණයකින් වැඩිවීම නිසා එලෙස ආහාර මිලදී ගැනීම සීමා කර ඇති බවයි. එරට විශාලතම සුපිරි වෙළඳසැල වන "ටෙස්කෝ" ආයතනය ප්‍රකාශ කර ඇත්තේ ඉහළ යන මිල ගණන් හේතුවෙන් ජනතාව, තම ආහාර පරිභෝජන රටාවන් වෙනස් කර ඇති බවයි. ඉකුත් මැයි මස එක්සත් රාජධානියේ සුපිරිම වෙළඳසැල්වල විකුණුම් 1.5%කින් පහළ ගොස් ඇති අතර මාංශ අලෙවිසැල් සහ බේකරි වෙළඳසැල්වල විකුණුම් 2.2%කින් පහත වැටී ඇති බව වාර්තා වනවා.

    Latest News