යුක්‍රේන කාර්මික නගරයේ බලය, රුසියානු හමුදා යටතට...

ජූනි 26, 2022

    රුසියානු හමුදාව යුක්‍රේනයේ කාර්මික නගරය වන "සෙවරඩොනෙට්ස්ක්" නගරයේ බලය සම්පූර්ණයෙන් අත්පත් කරගෙන තිබෙනවා.

    ඒ සති 3ක් පැවති යුද ගැටුම්වලින් අනතුරුවයි. එහි ඇසොට් කම්හල තුළ සිරවී සිටින ලක්‍ෂයකට අධික සාමාන්‍ය වැසියන් ඉන් ඉවත්කර ගැනීමේ කටයුතු ආරම්භ කර ඇති බව යුක්‍රේන ආරක්‍ෂක අංශ පවසනවා. ජනතාව මාස 3කට අධික කාලයක සිට එහි සැගවී සිටි බවයි වාර්තා වන්නේ.

    රුසියානු හමුදාව කොතරම් ප්‍රහාර එල්ල කළ ද තම හමුදා ශක්තිමත්ව ඊට මුහුණ දෙන බව යුක්‍රේන ජනාධිපති වොලදිමියර් සෙලෙන්ස්කි පවසනවා. රුසියානු හමුදා යටතට ගත් සෙවරඩොනෙට්ක්ස් ලුහාන්ස්ක් සහ මරිපෝල් යන නගර යළි අත්පත් කර ගන්නා බවත්, ඒ සඳහා හැකි උපරිම උත්සහය දරන බවත්, ඔහු අවධාරණය කරනවා.

    Latest News