එක්සත් ජාතීන්ගේ දිනය අදයි

ඔක් 24, 2022

    එක්සත් ජාතීන්ගේ දිනය අදයි. 1945 වසරේ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය ඇති කර ගැනීම වෙනුවෙන් මෙම දිනය සැමරෙනවා.



    මෙවර එක්සත් ජාතීන්ගේ දිනයේ තේමාව වන්නේ, “ජාතිවාදය අවසන් කරන්න - සාමය ගොඩනගන්න” යන්නයි. ලොව තිබෙන බලවත්ම සංවිධානය ලෙස, එක්සත් ජාතීන්ගේ සංවිධානය හැඳින් වෙනවා. ලොව කිසිඳු වෙනත් සංවිධානයකට මෙවැනි බලයක් හිමි වන්නේ නැහැ. එමෙන්ම, ලොව කිසිදු වෙනත් ආයතනයක් මෙවන් වූ සමාජ මෙහෙවරක් ඉටු කරන්නේ ද නැහැ. පසුගිය වසර 77 තුළ එක්සත් ජාතීන්ගේ සංවිධානය ‍ලෝකයේ ජනතාව වෙනුවෙන් ඉටු කරන ලද සේවය අතිමත්. මෙවර, එක්සත් ජාතීන්ගේ දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් එහි මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් මහතා සඳහන් කරන්නේ, එක්සත් ජාතීන්ගේ සංවිධානය, බලාපොරොත්තුවේ නිමවුමක් බවයි.

    දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ගැටුමෙන් ඔබ්බට යමින්, ගෝලීය සහයෝගීතාව සඳහා පිහිටුවා ගත් සංවිධානය වන්නේ ද මෙය බවයි, ගුටරේස් මහතා පෙන්වා දෙන්නේ. ගෝලීය සහයෝගීතාවෙන් එකාවන්ව වැඩ කරන මනුෂ්‍යත්වයට අත් කර ගත හැකි දේ පිළිබඳව බලාපොරොත්තුව සහ විශ්වාසය අලුත් කර ගන්නා ලෙස, එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා ලෝක ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා.

    Latest News