උතුරු කොරියාවේ කොරෝනා අර්බුදය උග්‍ර අතට

මැයි 21, 2022
    උතුරු කොරියාවේ කොරෝනා අර්බුදය උග්‍ර වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එරට බහුතරයක් දෙනා කොරෝනා මර්දන එන්නත ලබා නොසිටීමට ඊට හේතුව බව සදහන් වේ. 
    උතුරු කොරියාවේ පළමු කොරෝනා ආසාදිතයා වාර්තා වූයේ මීට සති කිහිපයකට පෙරදීය. රට තුළ ගෙන ගිය දැඩි ආගමන විගමන ප්‍රතිපත්තිය හේතුවෙන් වෛරසය ඇතුළු වීම පාලනය කර ගැනීමට හැකි වූ බව එරට බලධාරීන් සදහන් කරයි. 
    කෙසේ වුවද විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ උතුරු කොරියාව මිලියනයකට අධික කොරෝනා ආසාදිතයින් පිරිසක් සිටිය හැකි බවය. 
     
    එරට ඖෂධවල දැඩි හිඟයක් පවතින බව ද සදහන් වේ. ඔවුන් වෛරසය පාලනයට විශාල ලෙස සාම්ප්‍රදායික ක්‍රමවේද භාවිත කරමින් සිටී. 
    උතුරු කොරියාවේ විෂබීජානුහරණය සදහා ඇල්කොහොල් වෙනුවට ලුණු භාවිතා කරන අතර තේ පානය ඉහළ නැංවීමෙන් රෝගීන්ට සුවයක් ලබා ගැනීමට බලාපොරොත්තුවන බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.  

    Latest News