රුසියාව, යුක්‍රේනයේ ජන සංහාරයක් සිදු කරන බවට යළි චෝදනා

මැයි 21, 2022
    රුසියාව, යුක්‍රේනයේ ජන සංහාරයක් සිදු කරන බවට යුක්‍රේන ජනාධිපති වොලොද්මීර් සෙලෙන්ස්කි යළි චෝදනා කරයි. යුක්‍රේනයේ ඩොන් බාස් කලාපය, රුසියානු හමුදා ප්‍රහාරවලින් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි ඔහු පෙන්වා දෙයි. 
    රුසියානු හමුදා, සිවිල් යටිතල පහසුකම් පද්ධතිවලට අඛණ්ඩව ප්‍රහාර එල්ල කරමින් සිය ජනතාව ඝාතනය කිරීමේ සැලසුම් සහගත සාපරාධි උත්සාහයක නිරතවන බවට යුක්‍රේන ජනාධිපති වොලොද්මීර් සෙලෙන්ස්කි චෝදනා කරයි. 
    රුසියානු හමුදාව ඩොන්බාස් කලාපය සම්පූර්ණයෙන්ම විනාශ කර ජනතාව අවතැන්භාවයට පත් කර ඇති බව යුක්‍රේන ජනාධිපතිවරයා පෙන්වා දෙයි.  
    Last modified on සෙනසුරාදා, 21 මැයි 2022 12:25

    Latest News