'සාමය හා සංවර්ධනය යන යුගයේ තේමාව වෙනස් නොවනු ඇති' - ෂී ජින් පිං

මැයි 20, 2022

    සාමය හා සංවර්ධනය යන යුගයේ තේමාව වෙනස් නොවනු ඇති බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අවධාරණය කරයි. 

    හෙතෙම මේ බව කියාසිටියේ, ඊයේ (19) පැවති, බ්‍රික්ස් රටවල විදේශ ඇමතිවරුන්ගේ සමුළුවේ සමාරම්භක උත්සවයේදී  මාර්ගගතව දේශනයක් පවත්වමිනි.

    ජගත් ප්‍රජාව තුළ සක්‍රිය බලයක් ලෙස බ්‍රික්ස් රටවල්, ප්‍රායෝගික පියවර ඔස්සේ සාමය හා සංවර්ධනය පුළුල් කළ යුතු බව, ෂී ජින් පිං මහතා පෙන්වාදෙයි. විවිධ විපර්යාසයන්ට ලක්ව ඇති ජාත්‍යන්තර සබඳතාවට ස්ථාවරත්වය හා ජීවය එක් කළ යුතුය. බ්‍රික්ස් රටවල් අන්‍යෝන්‍ය විශ්වාසය හා ආරක්ෂක සහයෝගිතා ශක්තිමත් කරමින් පොදු ආරක්ෂාවක් සහිත ජගත් මානව ප්‍රජාවක් ගොඩනැගිය යුතු බව ද හෙතෙම කියාසිටී.

    සංවර්ධනය වෙමින් පවතින රටවල් සමග සංවාද පැවැත්වීම හා සහයෝගිතා ශක්තිමත් කිරීම ද බ්‍රික්ස් රටවල්  විසින් සිදුකළ යුතු බව චීන ජනපතිවරයා මෙහිදී පැවසීය. චීනය, රුසියාව, ඉන්දියාව, බ්‍රසීලය සහ දකුණු අප්‍රිකාව බ්‍රික්ස් රටවල් පහ යි.

     

    අරෝෂා සමරදිවාකර - රූපවාහිනී වාර්තාකරු

     චීනයේ බෙයිජිං නුවර සිට 

     
     
     
     
     
    Last modified on සිකුරාදා, 20 මැයි 2022 11:50

    Latest News