යුක්‍රේනයේ හමුදා ඉලක්ක 39කට ප්‍රහාර

මැයි 04, 2022

    රුසියානු ගුවන් හමුදාව ඉකුත් පැය 24 තුළ යුක්‍රේනයේ හමුදා ඉලක්ක 39කට ප්‍රහාර එල්ල කර තිබේ. ප්‍රහාරවලින් යුක්‍රේන හමුදාවට දැඩි හානි සිදුව ඇති බවයි, විදෙස් මාධ්‍ය පවසන්නේ.

    රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළේ මෙම ගුවන් ප්‍රහාර ලිමාන් සහ ක්‍රමටෝස් යන ප්‍රදේශවල යුක්‍රේන හමුදා ඉලක්ක රැසක් එල්ලකර දියත් කළ බවයි.
    ප්‍රහාරවලින් යුක්‍රේන හමුදාවට අණදෙන කඳවුරු දෙකක්, රේඩාර් මධ්‍යස්ථාන 4ක්, පතරොම් සහ ආයුධ ගබඩා 6ක් විනාශ වූ බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

    මේ අතර රුසියානු ගුවන් ප්‍රහාර බටහිර යුක්‍රේනයේ ලුවිච් නගරයට ද එල්ල වී ඇතැයි එහි නගරාධිපතිවරයා ප්‍රකාශ කරයි. ජීවිත හානි පිළිබඳව කිසිවක් වාර්තා වී නැති අතර දෙදෙනෙකු පමණක් තුවාල ලැබීය.

    යුක්‍රේනයේ ලුවිව් නගරය පිහිටා ඇත්තේ පෝලන්ත දේශසීමාව ආසන්නයේ වන අතර පෝලන්තය නේටෝ සංවිධානයට අයත් රටක්. ජාත්‍යන්තර යුද විශ්ලේෂකයින් පවසන්නේ, නේටෝ සංවිධානයට සෘජු තර්ජනයක් එල්ල කිරීමේ අරමුණින් රුසියාව මෙම නගරය ඉලක්ක කර ප්‍රහාර දියත් කරන බවයි.

    Last modified on බදාදා, 04 මැයි 2022 12:16

    Latest News