"ඔපෙක්" සංවිධානයේ විශේෂ සැසිවාරය, හෙට (05)...

මැයි 04, 2022

    ඛනිජ තෙල් නිෂ්පාදන රටවල එකතුව වන "ඔපෙක්" සංවිධානයේ විශේෂ සැසිවාරය, හෙට (05) පැවැත්වෙනවා.

    සමස්ත ලෝකයේම අවධානය යොමුවී ඇත්තේ, දැනට ඉතා ඉහළ මට්ටමක පවතින ලෝක තෙල් මිල පහත හෙළීම සඳහා ඔවුන් සාධනීය ක්‍රියාමාර්ගයන් ගනු ඇති ද යන්න පිළිබදවයි. එහෙත්, ඔපෙක් රටවල් එවැනි සූදානමක් පෙන්නුම් නොකරන බව, වෙළෙඳපොළ විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.

    ප්‍රධාන ගෝලීය ඛනිජ තෙල් නිෂ්පාදන රටවල් 23කින් සමන්විත ඔපෙක් සංවිධානය, සෑම මසකම සමාලෝචන රැස්වීමක් පවත්වනවා. ඒ, ඔස්ට්‍රෙිලියාවේ වියානා අගනුවරදී. හෙට පැවැත්වෙන රැස්වීම ගැන විශේෂ අවධානයක් යොමුවී ඇත්තේ, ලොව බොහෝ රටවල් හා සංවිධාන තෙල් මිල පාලනය කරන ලෙසට, ඔපෙක් සංවිධානයෙන් ඉල්ලා ඇති මොහොතකයි.

    එහෙත් ඛනිජ තෙල් නිෂ්පාදන රවටවල පවතින ගැටලු නිසා එම ඉල්ලීමට සාධනීය ප්‍රතිචාරයක් දැක්වීමට නොහැකි වනු ඇතැයි යන්න ඔපෙක් රටවල පිළිගැනීමයි. ඔපෙක් සංවිධානය දිනකට බොර තෙල් බැරල් මිලියන 28ක් ලෝක වෙළෙඳපොළට නිකුත්කරනු ලබනවා.

    Latest News