අධික උණුසුම නිසා ඉන්දියාවේ 25ක් මරුට

මැයි 04, 2022

    අධික උෂ්ණත්වය හේතුවෙන් ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ 25 දෙනෙකු මියගොස් තිබේ. එහි සෞඛ්‍ය බලධාරියා පවසන්නේ, මරණ බහුතරයක් ග්‍රාමීය ප්‍රදේශවලින් වාර්තා වන බවයි.

    ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් පසුගිය වසර 5 තුළ වාර්තා වු වැඩිම මරණ සංඛ්‍යාව මෙයයි. සෙල්සියස් අංශක 40කට වැඩි උෂ්ණත්වයක් ඉන්දියාවේ සෙසු ප්‍රාන්තවලින් ද වාර්තා වන බව එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    විද්‍යාඥයින් පවසන්නේ ඉන්දියාවේ සහ අසල්වැසි පාකිස්ථානයේ ජීවත් වන බිලියනයකට අධික පිරිසක් යම් ආකාරයකින් අධික උෂ්ණත්වයකට ගොදුරු වන බවයි.

    ඉදිරි මාසයේ දී මෝසම් වැසි අ‍පේක්ෂා කෙරෙන අතර අධික උෂ්ණත්වය ක්‍රමයෙන් පහව යනු ඇතැයි ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    Last modified on බදාදා, 04 මැයි 2022 12:16

    Latest News