කුලියාපිටියේ SLPP තරුණ සංවිධානයේ සභාපති චමත්ට මැර ප්‍රහාරයක්

දෙසැ 10, 2019

    කුලියාපිටිය ආසනයේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ තරුණ සංවිධානයේ සභාපති චමත් අර්තනායක මහතාට මැර ප්‍රහාරයක් එල්ල වී තිබේ.

    ඔහු මේ වන විට රෝහල් ගතව නේවාසිකව ප‍්‍රතිකාර ලබයි.

    මේ දිනවල දිවයින පුරා ක‍්‍රියාත්මක බිත්ති සිතුවම් කිරීමේ ව්‍යපෘතියට කුලියාපිටියේ තරණ පිරිසක් එක්ව තිබේ. දිවා රෑ වෙහෙසෙමින් සිතුවම් කරන මේ තරුණ තරුණයින්ගේ අවශ්‍යතා පිළිබඳ සොයාබැලීමට ඊයේ මධ්‍යම රාත්‍රිෙය් අර්තනායක මහතා නගරයට ගොස් තිබේ. රෝහල් ගතව ප‍්‍රතිකාර ලබමින් සිටින ඒ මහතා පැවසූයේ මධ්‍යම රාත‍්‍රීයේ සුදු වෑන් රථයකින් පැමිණි පිරිසක් තමන්ට තර්ජනය කළ බවත් තමන් ඔවුන් නොසලකා සිටියදී එම පැමිණි පිරිස සතුව අවි ආයුධ ඇති බැව් පවසමින් තමන්ට පහරදුන් බවයි.

    මේ වනවිට කුලියාපිටිය ශික්‍ෂණ රෝහලේ ප‍්‍රථිකාර ලබන අර්තනායක මහතා වැඩදුරටත් කියාසිටියේ තමන් හා තම පවුලේ අය මේ වනවිට දැඩි ආරක්‍ෂාව සම්බන්ධ ගැටලුවක සිටින බවයි. ඒ අනුව පොලිසිය කඩිනමින් අදාළ සැකකරු සොයා නොගතහොත් නැවතත් ප්‍රහාරයක් එල්ල විය හැකි බවත් ඔහු සඳහන් කරයි.

    Latest News