දකුණු සුඩානයේ දරුණු ආර්ථික අර්බුද....

මාර් 13, 2022

    දකුණු සුඩාන ජනගහනයෙන් 70%ක් දැඩි කුස ගින්නෙන් පෙළෙන බව, ලෝක ආහාර වැඩසටහන ප්‍රකාශ කරනවා.

    දේශගුණික අර්බුද හා අභ්‍යන්තර ප්‍රචණ්ඩත්වය මේ තත්වයට මූලික හේතුව බවයි, ඔවුන් පෙන්වා දෙන්නේ. 2011 වසරේදී නිදහස ලැබූ සුඩානය තුළ ආර්ථික හා දේශපාලන අර්බුද දැඩි ලෙස පවතින බවයි, ආර්ථික විශේෂඥයෝ පවසන්නේ. මේ තත්වයට මූලික හේතුව ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ, පස් අවුරුදු සිවිල් යුද්ධයයි. මෙම යුදමය තත්වය හේතුවෙන් මේ වනවිටත් එරට හාර ලක්‍ෂයකට අධික පිරිසක් මියගොස් ඇති අතර, බොහෝ පිරිසක් අවතැන් වී ඇති බවයි වාර්තා වන්නේ.

    යුක්‍රේනයේ යුද ගැටුම් කෙරෙහි අවදානය යොමුව පවතින වකවානුවක, සුඩානයේ මිලියන 8.3ක් පමණ ජනතාවක් ඉදිරි මාසවලදී දැඩි කුසගින්නෙන් පෙළෙන බවත්, මන්දපෝෂණ තත්වයකට මුහුණ දිය හැකි බවටත්, ලෝක ආහාර වැඩසටහන අනතුරු අඟවනවා.

    Latest News