යුක්‍රේන - රුසියානු අර්බුදයට මැදිහත් විය නොහැකි බව බයිඩන් පවසයි

මාර් 12, 2022

    යුක්‍රේන - රුසියානු අර්බුදයට සෘජුව මැදිහත් විය නොහැකි බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසයි.

    ඊට මැදිහත් වුවහොත් එය තෙවැනි ලෝක යුද්ධයක ආරම්භයක් විය හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.

    යුක්‍රේන - රුසියානු යුද්ධය ආරම්භ වී අදට දින 17ක්. රුසියානු හමුදාව යුක්‍රේනයේ නගර අත්පත් කර ගැනීමේ මෙහෙයුම්වල අඛණ්ඩව යෙදී සිටියි. යුක්‍රේනයේ ජලය, විදුලිය, ආහාර වැනි ප්‍රධාන සැපයුම් මාර්ග රැසක් අවහිර වී ඇති බවයි වාර්තා වන්නේ.

    විවිධ සංවිධාන හා රටවල් තම රටින් මේ පිළිබඳව ප්‍රශ්න කළ ද ඊට මැදිහත් විය නොහැකි බවයි, ජනාධිපති බයිඩන් පවසන්නේ.

    Last modified on සෙනසුරාදා, 12 මාර්තු 2022 12:41

    Latest News