සුමාත්‍රා දූපත් ආසන්නයේ භූ චලනයක්

පෙබ 25, 2022

    ඉන්දුනීසියාවේ බටහිර සුමාත්‍රා දූපත් ආසන්නයේ අද උදෑසන භූ කම්පනයක් සිදුව තිබේ. එය රික්ටර් පරිමාණයේ දැක්වෙන්නේ 6.2ක අගයක් ලෙයි.

    මෙම භූ කම්පන තත්වය සිංගප්පූරුවට සහ මැලේසියාවට බලපා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

    භූ කම්පනය හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැත.

    කෙසේ වෙතත් භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට බලපෑමක් නොමැති බව ආපදා කළමනාකරන මධ්‍යස්ථානය පවසයි.

    Latest News