රුසියානු ප්‍රහාරවලින් 137ක් මරුට

පෙබ 25, 2022

    රුසියාව ඊයේ එල්ල කළ ප්‍රහාරවලින් තම රටේ 137 දෙනෙකු මියගොස් ඇති බව යුක්‍රේන රජය පවසයි. 

    රුසියාව, යුක්‍රේනයේ යුද සහ අනෙකුත් ඉලක්ක කිහිපයක් වෙත ඊයේ දැඩි ප්‍රහාරයක් සිදුකළේය. රුසියාව, එල්ල කළ මිසයිල ප්‍රහාරවලට අමතරව දිසා 3කින් භට පිරිස් යුක්‍රේන දේශ සීමාව පසුකරමින් ඉදිරියට ඇදෙමින් සිටියි.

    රුසියානු හමුදාව මේ වන විට චර්නෝබිල් න්‍යෂ්ටික බලාගාරය ආශ්‍රිත ප්‍රදේශයට අත්පත් කරගෙන ඇති බව වාර්තා වෙයි.

    යුක්‍රේන වැසියන් දස දහස් ගණනින් කීව් අගනුවර ඇතුළු අදාල ප්‍රදේශ අතහැර පලායමින් සිටියි. රුසියාවේ යුදමය ක්‍රියාමාර්ගයට හසුව බටහිර රටවල් ගණනාවක් එරටට එරෙහිව සම්බාධක රැසක් පනවා තිබේ. 

    Last modified on සිකුරාදා, 25 පෙබරවාරි 2022 09:02

    Latest News