රුසියානු ඉලක්කය බ්‍රොයිස්චිනා විදුලි බලාගාරය දෙසට

පෙබ 26, 2022

    යුක්‍රේනයේ කීව් අගනුවර ආසන්නයේ පිපිරීම් සහ වෙඩි තැබීම් සිදුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. රුසියානු හමුදාවේ මීළඟ ඉලක්කය වී ඇත්තේ, යුක්‍රේනයේ බ්‍රොයිස්චිනා දිස්ත්‍රික්කයේ විදුලි බලාගාරයයි.

    බලය අත්පත් කර ගැනීමට රුසියානු පැරෂුට් භටයන් යුක්‍රේනයේ ප්‍රදේශ රැසකට ගොඩබස්වා තිබේ. තම ප්‍රතිප්‍රහාරවලදී රුසියානු පැරෂුට් භටයන් රැගත් ඉලියුෂීන් IL-76 ගුවන් යානයක් වෙඩි තබා බිම හෙලූ බව යුක්‍රේන හමුදා ප්‍රධානියා ප්‍රකාශ කළේය.

    එහෙත් විදෙස් විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ IL-76 යානා රුසියාව සතු බලගතුම ගුවන් යානා වර්ගයක් බැවින් එවැනි යානාවක් බිම හෙලීම යුක්‍රේනයට අසීරු බවයි.

    රුසියාව, යුක්‍රේනය ආක්‍රමණය කිරීම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් හෙලා දැක තිබේ. ආරක්ෂක මණ්ඩලය තුල රුසියාවට හිමිව ඇති නිෂේද බලය හේතුවෙන් එරටට විරුද්ධව යෝජනාවක් ගෙන ඒමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය අපොහොසත් වී සිටියි.

    ඒ අනූව ආරක්ෂක මණ්ඩලයේ ප්‍රධානී ඇන්ටෝනියෝ ගුටරේස් සාමය සඳහා තවත් අවස්ථාවක් ලබාදෙන ලෙස රුසියාවෙන් නැවත වරක් ඉල්ලා ඇති බව වාර්තා වෙයි.

    Last modified on සෙනසුරාදා, 26 පෙබරවාරි 2022 11:53

    Latest News