යුධමය ක්‍රියාමාර්ගයකට එළඹෙන බවට රුසියානු ජනපති දන්වයි

පෙබ 24, 2022

    තමන් යුධමය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව පවසමින් යුක්‍රේන හමුදාවට ආයුධ බිම තබා සිය නිවෙස් වෙත යන්නැයි, රුසියානු ජනාධිපතිවරයා දැනුම් දී තිබේ.

    විදෙස් වාර්තා සඳහන් කරන්නේ, සිදුවිය හැකි ඕනෑම ලේ වැගිරීමක් යුක්‍රේන රජයේ හෘද සාක්ෂිය වෙත පැවරෙන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇති බවයි.

    රුසියානු ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශයෙන් අනතුරුව යුක්‍රේනයේ ඇතැම් ප්‍රදේශවලින් මේ වන විට පිපිරීම් කිහිපයක් වාර්තා වී තිබේ. සී එන් එන් වාර්තාකරුවෙක් ප්‍රකාශ කර ඇත්තේ කිච් අගනුවර මෙන්ම, රාජ්‍යයක් ලෙස රුසියාව විසින් අලුතින් නම් කරන ලද ඩොනෙට්ස්ක් කලාපයෙන් මෙම පිපිරුම් ශබ්ද ඇසුණ බවයි.

    එහෙත් අදාළ පිපිරුම් ශබ්ද හා එම ප්‍රදේශ පිළිබදව තවමත් නිෂ්චිත තහවුරුවක් නොමැති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. රුසියානු ජනාධිපතිගේ යුධමය ප්‍රකාශය හේතුවෙන් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් ද ජනාධිපති පුටින්ගෙන් සාමයට අවස්ථාවක් ලබා දෙන ලෙස ඉල්ලීමක් කර තිබේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 24 පෙබරවාරි 2022 10:56

    Latest News