යුක්‍රේනයේ ඉන්දිය ජාතිකයින් ඉවත්කර ගැනේ

පෙබ 23, 2022

    රුසියාව සහ යුක්‍රේනය අතර පවත්නා දේශපාලන අර්බුදය හමුවේ යුක්‍රේනයේ ඉන්දීය ජාතිකයන් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ. ඒ සඳහා විශේෂ ගුවන් යානයක් යොදවා ඇතැයි, ඉන්දීය රජය පවසයි.

    රුසියාව, වෙනම කලාප ලෙස පිළිගෙන ඇති ලුහාන්ස්ක් හා ඩොනෙට්ස්ක් ප්‍රදේශවලට රුසියානු භට පිරිස් ඇතුළු වී තිබේ.

    මේ හේතුවෙන් අමෙරිකාව, රුසියාවට විරුද්ධව යළිත් සම්බාධක පැනවීමට තීරණය කළේය.

    රුසියාව අනුගමනය කළ පියවරට නේටෝ රටවල අප්‍රසාදය පළ කෙරිණ. රුසියානු - යුක්‍රේන අර්බුදය සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය අද යළි රැස්වීමට නියමිතයි. 

    Last modified on බදාදා, 23 පෙබරවාරි 2022 12:03

    Latest News