හොංකොං,වැසියන්ට පීසීආර් පරීක්ෂණයක් අනිවාර්ය කෙරේ

පෙබ 23, 2022

    සියලු පුරවැසියන් පීසීආර් පරීක්ෂණයකට පෙනී සිටීම අනිවාර්ය බව, හොංකොං රජය පවසයි.

    පරීක්ෂණ, මාර්තු මැද භාගයේ සිට ආරම්භ කිරීමට නියමිතයි.සියලු පුරවැසියන්,පරීක්ෂණ තුනකට පෙනී සිටිය යුතුයි. දැනටමත් හොංකොංහි ඔමික්‍රෝන් ප්‍රභේදය වේගයෙන් පැතිර යයි. එය මැඩපැවැත්වීම මෙහි අරමුණයි.

    ශීඝ්‍රයෙන් පැතිර යන වසංගත තත්වය හේතුවෙන් රෝහල් හා නිරෝධායන මධ්‍යස්ථානවල පහසුකම් අවම වනු ඇති බවට විශ්වාස කෙරේ. ගතවූ පැය 24 තුළ එරටින් ආසාදිතයන් 6,211ක් හඳුනා ගැනිණ.

    හොංකොංහි සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 66,500ක්. සමස්ත මරණ සංඛ්‍යාව 336ක්.

    Last modified on බදාදා, 23 පෙබරවාරි 2022 11:56

    Latest News