අමෙරිකාවේ වෙසෙන හොංකොං වැසියන්ට වීසා දිගුවක්

අගෝ 07, 2021

    වීසා කාලය ඉකුත් වූ දැනට අමෙරිකාවේ රැඳී සිටින හොංකොං වැසියන්හට තවත් මාස 18ක කාලයක් අතිරේකව එරට රැඳී සිටීමට අවසර ලබාදී තිබේ. අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්ගේ නියෝගයක් අනූව එම අවසරය හිමිව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

    මීට අමතරව ශිෂ්‍ය වීසා මත අමෙරිකාවේ දැනට රැඳී සිටින හොංකොං පුරවැසිභාවය ඇති සිසුන්ට ද වීසා කොන්දේසි ලිහිල් කරමින් අධ්‍යයන කාලය අතරතුර රැකියා කිරීම සඳහා අවස්ථාව ලබාදී තිබේ.

    මෙය හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමයේ විදේශ සිසුන් හට අහිමි වූ වරප්‍රසාදයක් වෙයි.

    හොංකොංහි ජාතික ආරක්ෂක නව නීතිය යටතේ මේ වන විට ගෙන යන දැඩි මර්දනකාරී පාලනය හමුවේ විදේශ ගත හොංකොං වැසියන් යළි එරටට යාම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙනුයි, ජනාධිපති ජෝ බයිඩන් මෙම විශේෂ වීසා සහන ලබාදී ඇත්තේ.

    Last modified on සෙනසුරාදා, 07 අගෝස්තු 2021 13:35

    Latest News