හොංකොං රාජ්‍යයට හදිසි තත්ත්වයක්

ජන 25, 2020

    මාරාන්තික කොරෝනා වෛරස ව්‍යාප්තියේ අවදානම සැළකිල්ලට ගනිමින් හොංකොං රාජ්‍යයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත.

    හොංකොංහි ප්‍රධාන භූමිය වන චීනයේ පැතිර යමින් පවතින කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 5දෙනෙකු මේ වනවිට හොංකොං රාජ්‍යයෙන් ද හඳුනාගෙන ඇති අතර තවත් පුද්ගලයින් 122දෙනෙකු පරීක්ෂණ සඳහා යොමු කර ඇති බව සඳහන්.

    පවතින තත්ත්වය හමුවේ අත්‍යවශ්‍ය කරුණකට හැරුණු විට චීනයේ සංචාරය කිරීමෙන් වැළකී සිටින ලෙසයි හොංකොං නායිකා කැරී ලෑම් හදිසි තත්ත්වය ප්‍රකාශයට පත් කරමින් සඳහන් කර ඇත්තේ.

    පාසල් ලබන 17 වැනිදා දක්වා වසා තැබීමට සහ චීනයේ වූහෑන් නගරය සහ හොංකොං අතර සිදුවන ගුවන් ගමන් ඇතුළු සියලු ප්‍රවාහන සේවා කටයුතු අත්හිටුවීමට ද හොංකොං නායිකාව තීරණය කර ඇත.

    Latest News