කොරොනා ආසාදිත චීන කාන්තාවගේ ජෛව සාම්පල හොංකොං යවයි

පෙබ 08, 2020

    කොරොනා වෛරසය ආසාදිත චීන කාන්තාවගේ ජෛව සාම්පල වැඩිදුර විමර්ශන සඳහා හොංකොං වෙත යැවීමට පියවර ගෙන තිබේ.

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේ කොරොනා වෛරසය පිළිබඳව පර්යේෂණ කරන ශ්‍රී ලාංකික මහාචාර්යවරයෙකු වන මලික් පීරිස් මහතා රාජකාරි කරන විශ්වවිද්‍යාලයට එම ජෛව සාම්පල යොමු කරන බවයි.

    කොරොනා බවට සැක කෙරෙන රෝගීන් 25 ත් 30 ත් අතර පිරිසකගේ ජෛව සාම්පල මේ වනවිට වෛද්‍ය පර්යේෂණ ආයතනය පරීක්ෂාවට ලක් කර ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේය.

    Latest News