හොංකොං වලට ගංවතුර තර්ජන

සැප් 08, 2023

    හොංකොං රාජ්‍යයට වර්ෂාව සහ ගංවතුර තත්වයෙන් දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.

    ඊයේ දිනයේ පැයක කාලයක් තුළ වාර්තා වූ වර්ෂාපතන අගය මිලිමීටර 158 ක අගයක් ඉක්ම වූ අතර, එම අගය 1884 වසරෙන් පසු එරටින් වාර්තා වූ ඉහළම වර්ෂාපතන අගයක් ලෙසයි, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

    අධිවේගී දුම්රිය මාර්ග රැසක් ජලයෙන් යට වී ඇති අතර, බොහෝ පිරිස් දුම්රිය ස්ථානවල සිරවී සිටි බව, වාර්තා වනවා. ප්‍රදේශ රැසක පාසල් වසා දමා ඇති අතර, විපතට පත් වූවන් සඳහා එම ස්ථානවල සහන කඳවුරු රැසක් ක්‍රියාත්මක කොට තිබෙනවා. ඊයේ රාත්‍රී වන විට ගංවතුර තත්වය ශීඝ්‍රයෙන් වර්ධනය වී ඇති බව, කාලගුණ විද්‍යා අංශ නිවේදනය කර තිබෙනවා. ප්‍රදේශ රැසක ඉකුත් පැය 24 තුළ මිලිමීටර 500 ඉක්ම වූ වර්ෂාපතනයක් වාර්තා වුණා. “ටයිෆූන් සඕලා” සුළි කුණාටු තත්වය පසුගිය සති අන්තයේ හොංකොං රාජ්‍යයට බලපෑ අතර, එයින් ගස් කඩා වැටීම් සහ දේපළ හානි රැසක් ද වාර්තා වුණා. එම සුළි කුණාටුවේ බලපෑමෙන් පුද්ගලයින් 86 දෙනෙකු තුවාල ලැබූ බව, විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළා.

    Latest News