හොංකොං මැතිවරණයේ ඉදිරියෙන්ම සිටින්නේ කවුද?

නොවැ 25, 2019

    ප්‍රජාතන්ත්‍රවාදයට පක්ෂපාතී කණ්ඩායම් හොංකොං දිස්ත්‍රික් සභා මැතිවරණ ප්‍රතිඵලවල ඉදිරියෙන් සිටින බව, පූර්ව මැතිවරණ ප්‍රතිඵල පෙන්වා දෙයි.

    ඒ අනූව, ප්‍රකාශයට පත් කළ පළමු ආසන 241න්, 201ක ජය ඔවුන්ට හිමිවී තිබේ. බීජිං හිතවාදී අපේක්ෂකයන්ට ඉන් හිමිව ඇත්තේ ආසන 28ක් පමණයි.

    ඊයේ පැවැත්වූ මැතිවරණයේ දී වාර්තාගත ඡන්දදායකයින් පිරිසක් ඡන්දය ප්‍රකාශ කිරීමට එක්විය. එය ප්‍රතිශතයක් වශයෙන් 71%ක්. මෙම මැතිවරණය හොංකොහි වත්මන් ප්‍රධාන විධායික කැරී ලැම් වෙත සහයෝගය හිමිවීම සම්බන්ධයෙන් වූ පරික්ෂණයක් ලෙස දේශපාලන විචාරකයින් පෙන්වාදීම විශේෂත්වයක්. මිලියන 4.7ක ජනගහණයක් සිටින හොංකොංහි මිලියන 4.1ක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටියේය. ඊයේ දහවල් වන විට ඒ අතුරින් විශාල පිරිසක් ඡන්දය ප්‍රකාශ කිරීමට උත්සුකවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පස් මසකට අධික හොංකොං විරෝධතාවල නිරතවන ප්‍රජාතන්ත්‍රවාදය අපේක්ෂා කළ කණ්ඩායම මෙම මැතිවරණය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළේය. මෙය චීන මධ්‍යම රජය වෙත ප්‍රබල පණිවුඩයක් රැගෙන යන අවස්ථාවක් ලෙස ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වෙයි.

     

     

    Last modified on සදුදා, 25 නොවැම්බර් 2019 09:50

    Latest News