දැනට පවතින කොරෝනා එන්නත් ඔමික්‍රෝන් ප්‍රභේදයට ඵලදායී වනු ඇත - WHO

දෙසැ 08, 2021

    දැනට ව්‍යාප්ත වෙමින් පවතින බව කොරෝනා මර්දන එන්නත් ඔමික්‍රෝන් ප්‍රභේදයට ඵලදායී වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

    එම සංවිධානයේ හදිසි අවස්ථා පිළිබඳ අධ්‍යක්ෂ වෛද්‍ය මයිකල් රයන් පවසන්නේ වෛරසය සියලු ප්‍රභේදවලට ඵලදායිතාවක් පෙන්වූ කොරෝනා මර්දනය එන්නත් ඔමික්‍රෝන් ප්‍රභේදය හමුවේ අසාර්ථක වේ යැයි පිළිගත නොහැකි බවයි. නමුත් ඔවුන් ප්‍රභේදය ගෝලීයව ව්‍යාප්ත වීමත් සමඟ පවතින එන්නත් ඊට එරෙහි ආරක්ෂාවක් සපයන්නේද යන්න පිළිබඳ සෞඛ්‍ය විශේෂඥයන් සැක පළ කළා. ෆයිසර් එන්නත ද මෙම ප්‍රභේදයට එරෙහි අඩු ඵලදායිතාවක් පෙන්නුම් කරන බවටයි වාර්තා වූයේ. එහෙත් ලෝක සෞඛ්‍ය සංවිධානය අද නිවේදනය කළේ පවතින එන්නත් කිසිදු ආරක්ෂාවක් සපයන්නේ නැතැයි යන්න පිළිගත නොහැකි බවයි. රෝහල් ගත වී බරපතළ සංකූලතාවලට ලක්වීම අවම කිරීමටත් මරණයට පත්වීම වළක්වා ගැනීමටත් එන්නත්කරණය අතිශයින් වැදගත් විය. ඔමික්‍රොන් පාලනයේ දී ද එන්නත්කරණය පිළිබඳ විශ්වාසය තැබිය හැකි බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරන්නේ‍.

    Latest News