පෙර වසරවලට වඩා තුන්ගුණයකට වැඩි කොරෝනා රෝගීන් සංඛ්‍යාවක් - WHO

ජන 17, 2022

    ලෝක සෞඛ්‍ය සංවිධානය වාර්තා අනුව, කොරෝනා වසංගතය ආරම්භ වීමෙන් අනතුරුව ගෝලීය වශයෙන් වැඩිම දෛනික කොරෝනා ආසාදිතයන් පිරිස පසුගිය දා වාර්තා වුණා.

    පසුගිය 12 වැනි දා වාර්තා වූ 3,291,718ක පිරිස මෙතෙක් වාර්තා වී ඇති වැඩිම දෛනික කොරෝනා ආසාදිත පිරිසයි.

    පසුගිය වසර දෙක තුළ වාර්තා වී තිබූ උපරිම ගෝලීය දෛනික ආසාදිතයන් සංඛ්‍යාව 901,877ක්. ඒ, පසුගිය වසරේ අප්‍රේල් 27 වැනි දිනයි. නමුත්, ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ, පෙර වසරවලට වඩා තුන්ගුණයකටත් වඩා වැඩි ආසාදිතයින් සංඛ්‍යාවක් මේ වන විට ගෝලීය වශයෙන් වාර්තා වන බවයි. ඊයේ වන විටත් 1,941,000 ඉක්ම වූ ගෝලීය ආසාදිතයන් පිරිසක් වාර්තා වුණා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවධානය යොමුව ඇත්තේ, මේ වසරේ පෙරට වඩා වැඩි මරණ සංඛ්‍යාවක් සිදු විය හැකි ද යන්න පිළිබඳවයි. පෙර වසරවලට වඩා වැඩි ආසාදිතයන් පිරිසක් යුරෝපානු කලාපය තුළින් ද මෙවර වාර්තා වනවා. ඒ, අතර ප්‍රංශය, ඉතාලිය, ජර්මනිය හා බ්‍රිතාන්‍ය යන රටවල් ද වනවා. අමෙරිකාව තුළ ද පෙර වසරවලට වඩා වැඩි ආසාදිතයන් පිරිසක් දෛනිකව වාර්තා වනවා. ඊට සාපේක්ෂව මරණ සංඛ්‍යාව ඉහළ යාමට පටන් ගත හොත්, එය ඉහළ තර්ජනයක් වන බවයි, ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ.

    Latest News