ඉන්දුනීසියානු මුහුදේ ප්‍රබල භූ කම්පනයක්

පෙබ 02, 2022

    ඉන්දුනීසියාවට ඔබ්බෙන් මුහුදේ ප්‍රබල භූ කම්පනයක් හට ගෙන තිබේ. එය රිච්ටර් මාපාංක 6යි දශම 2ක් ලෙසයි සටහන්ව ඇත්තේ.

    භූ කම්පනය හේතුවෙන් සුනාමි අවදානමක් නොමැති බව එරට භූ විද්‍යා ඒජන්සිය පවසයි.

    එරට වේලාවෙන් අලුයම 4.25ට භූ කම්පනය හට ගෙන ඇති අතර එහි අපකේන්ද්‍රය මලුකු බරාත් දයා ප්‍රදේශයට කිලෝමීටර 86ක් ඊසාන දෙසින් මුහුදු පත්ලේ කිලෝමීටර 131ක් ගැඹුරින් පවතින බවයි කාලගුණ විද්‍යාඥයන් පවසන්නේ.

    කිසිඳු ජීවිත හානියක් මෙතෙක් වාර්තා වී නැහැ.

    Latest News