පුටින්ගෙන් අමෙරිකාවට චෝදනාවක්

පෙබ 02, 2022

    අමෙරිකාව තම රට යුද්ධයකට ඇද දැමීමට සූදානම් වන බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි

    සති කිහිපයක් පුරා පවතින රුසියානු යුක්‍රේන අර්බුදය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ විශේස අදහස් දැක්වීමක් සිදුකළ පළමු අවස්ථාව මෙයයි.
    මොස්කවුහිදී, හංගේරියානු අග්‍රාමාත්‍යවරයා සමග පැවති සාකච්ජාවකින් අනතුරුව ජනාධිපති පුටින් මෙම අදහස් පළ කළේය.

    රුසියාවට එරෙහි තවත් සම්බාධක පැනවීමට යුක්‍රේන අර්බුදය මෙවලමක් කර ගැනීම අමෙරිකාවේ උත්සහය බවයි පුටින් පවසන්නේ.

    නේටෝ හමුදා සම්බන්ධයෙන් රුසියාවේ ස්ථාවරය අමෙරිකාව නොසලකා හරියි. කෙසේ වුවද යුක්‍රේන දේශසීමාවේ රුසියානු හමුදා රඳවා තැබීම ගැන ලෙස රටවල් පසුවන්නේ දැඩි අවධානයකින්.

    Latest News