ටොංගා රාජ්‍ය ආසන්නයේ, සුනාමි තත්වයක්; 80,000කට අධික පිරිසක් පීඩාවට

ජන 17, 2022

    මුහුද යට පිහිටි ගිනිකන්දක් සක්‍රිය වීමෙන්, සුනාමි තත්වයක් ඇති වී තිබේ.

    දකුණු පැසිෆික් දූපත් අතර පවතින ටොංගා රාජ්‍ය ආසන්නයේ සිදුව ඇති මෙම සුනාමි තත්වය නිසා 80,000කට අධික පිරිසක් පීඩාවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

    ගිනි කන්ද සක්‍රීය වීම හේතුවෙන් පසුගිය සෙනසුරාදා ඔස්ට්‍රේලියාව හා නවසීලන්තය ආශ්‍රිත මුහුදු කලාපයේ සුනාමි තත්වයක් ඇති විය හැකි බවට අනතුරු ඇගවීම් සිදු කෙරුණා. එහෙත් , ගිනි කන්ද පුපුරා යාමෙන් පසු ටොංගා, පේරු, චිලී සහ ෆීජි ඇතුළු කුඩා දූපත් රාජ්‍ය සඳහා පමණක් සුනාමි තත්වයක් බලපා තිබේ. පැසිෆික් දූපත් අළුවලින් වැසී ගොස් ඇති අතර, විදුලිය හා සන්නිවේදන පහසුකම් ද බිඳවැටී ඇත. හානිය තක්සේරු කිරීම සඳහා නවසීලන්ත රජය ගුවන් යානා කිහිපයක් මෙම කලාපයට පිටත් කොට යවා තිබේ. කිසිදු ජීවිත හානියක් මෙතෙක් වාර්තා වී නැහැ.

    Latest News