යුක්‍රේනය ගැන අමෙරිකාවෙන් රුසියාවට දැඩි ප්‍රකාශක්

දෙසැ 08, 2021

    යුක්‍රේනයට ප්‍රහාර එල්ල කළ හොත් රුසියාවට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් අවධාරණය කරනවා.



    ඒ වීඩියෝ තාක්ෂණය ඔස්සේ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටීන් සමඟ පැවති සාකච්ඡාවක දී. ජනාධිපති බයිඩන් පවසා ඇත්තේ යක්රේනයේ ස්වෛරීත්වය වෙනුවෙන් තමා පෙනී සිටින බවයි. බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ජර්මනිය ඇතුළු යුරෝපා සියලු රටවල් ඊට සහාය පළ කරන බවයි ඇමරිකානු ජනාධිපතිවරයා කියා සිටියේ. කෙසේ වුවද සාකච්ඡාව ආරම්භයේ දී දෙරටේ නායකයින් ඉතා සුහදශීලී සාකච්ඡාවක නිරතව ඇති අතර මීළඟ සාකච්ඡාව මුහුණට මුහුණ සිදු කිරීමට අපේක්ෂා කරන බව ප්‍රකාශ කර තිබෙනවා.

    සාකච්ඡාවේ දී ජනාධිපති පුටින් සඳහන් කර ඇත්තේ නේටෝ සංවිධානය සිය දේශසීමා ආසන්නයේ විවිධ ක්‍රියාකාරකම් පුළුල් කිරීම නතර කළ යුතු බවයි. එසේ වුවද ධවල මන්දිරය ආරංචි මාර්ගවලට අනුව ජනාධිපති බයිඩන් මෙම තීරණයට එකඟ වී නොමැති බවයි පැවසෙන්නේ.

    Latest News