ශීත සෘතු ඔලිම්පික් උළෙල අමෙරිකාව වර්ජනය කරයි.

දෙසැ 07, 2021

    චීනයේ බීජිං නුවර දී ලබන වසරේ පැවැත්වීමට නියමිත ශීත සෘතු ඔලිම්පික් උළෙල රාජ්‍ය තාන්ත්‍රික ලෙස වර්ජනය කිරීමට අමෙරිකාව තීරණය කර තිබෙනවා.

    චීනයේ දුර්වල මානව හිමිකම් තත්වය සැලකිල්ලට ගෙන එම තීරණයට එළඹී බවයි, ධවල මන්දිරය නිවේදනය කළේ. මේ නිසා අමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත කණ්ඩායම බීජිං ඔලිම්පික් උළෙලට සහභාගි නොවන බව නිල වශයෙන් දන්වා තිබෙනවා. කෙසේ නමුත්, ශීත සෘතු ඔලිම්පික් උළෙල සඳහා පුහුණුව ලැබූ අමෙරිකානු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඊට සහභාගිවීමට ධවල මන්දිරය අවසරය ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

    නිරවි යුද සමයේ 1980 වසරේ මොස්කව්හි පැවති ඔලිම්පික් උළෙල ද අමෙරිකාව වර්ජනය කළා. ඒ රුසියාව, ඇෆ්ගනිස්තානය සම්බන්ධයෙන් ගත් ක්‍රියා මාර්ගයට විරෝධය දක්වමින්.

    Latest News