ජර්මනියෙන් නව කොරෝනා වාර්තාවක්....

නොවැ 16, 2021

    රට තුළ කොරෝනා ආසාදන අඛණ්ඩව ඉහළ යාමත් සමග ඉකුත් සතිය තුළ වාර්තා වූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව, නව වාර්තාවක් කරා ලඟ වී ඇති බව ජර්මනියේ සෞඛ්‍ය බලධාරින් පවසනවා.

    එරට නවතම දත්ත වාර්තා පෙන්වා දෙන්නේ, ඉකුත් සතිය තුළ පුද්ගලයින් 100,000 කට සාපේක්ෂව කොරෝනා රෝගීන් 303 දෙනෙකු හඳුනාගනු ලැබූ බවයි. ජර්මනියේ කොරෝනා රෝගීන් ආසාදන අනුපාතය 300 ඉක්මවූ ප්‍රථම අවස්ථාව මෙයයි. එරට වෛරස ව්‍යාප්තිය පාලනයට බලධාරින් නව නීති මාලාවක්ද හඳුන්වාදී තිබෙනවා.

    ඒ අනුව,  ආපනශාලා තුළ ආහාර ගැනීමට අවසර හිමි වන්නේ, පූර්ණ එන්නත්කරණයට ලක්වූ පුද්ගලයින්ට පමණයි. සිනමා ශාලා මෙන්ම කෞතුකාගාර වැනි පොදු ස්ථානවලට ඇතුලුවීම සඳහා එන්නත් ලද පුද්ගලයින්ට අවසර හිමි වන අතර, මෙතෙක් එන්නත් නොලද පුද්ගලයින්ට සමාජ ක්‍රියාකාරකම් සඳහා සහභාගී වීමට අවසර හිමිවන්නේ නැහැ.

    ජර්මනියේ ඊයේ කොරෝනා නව ආසාදිතයින් 30,483 දෙනෙකු හඳුනා ගත් අතර එම කාලසීමාවේ වාර්තා වූ මරණ සංඛ්‍යාව 167 ක්

    Latest News