ඉන්දියාවේ දේශසීමා යළි විවෘතයි....

නොවැ 16, 2021

    ඉන්දියාව පූර්ණ එන්නත්කරණයට ලක් වූ විදෙස් සංචාරකයින් සඳහා සිය දේශසීමා යළි විවෘතකර තිබෙනවා.

    ඉකුත් වසරේ මාර්තු මාසයෙන් පසු විදෙස් සංචාරකයින් රැගත් වාණිජ ගුවන්යානා වලට සිය රටට ඇතුළුවීමට ඉන්දීය රජය අවසර ලබාදුන් ප්‍රථම අවස්ථාව මෙයයි. ඉන්දියාවේ කොරෝනා අසාදන පහළ යාම සහ එන්නත්කරණ ක්‍රියාවලිය ඉහළ නැංවීමත් සමග එරට සීමා ලිහිල් කිරීමේ නව පියවර ලෙසයි නිතිපතා පැමිණෙන වාණිජ ගුවන්යානාවලට රටට ඇතුළවීමට ඊයේ සිට අවසර හිමිවන්නේ.

    එලෙස පැමිණෙන පූර්ණ එන්නත්කරණයට ලක්වූ විදෙස් සංචාරකයින් එරට ක්‍රියාත්මක සියලුම සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කළයුතු අතර, පැය 72 ක කාලයක් ඇතුලත සිදු කළ කොවිඩ් පරික්ෂණයකින් වෛරසය ආසාදනය නොවූ බවටද තහවුරු කළයුතු වනවා.

    අමෙරිකාව මෙන්ම, බ්‍රිතාන්‍යය ඇතුළු ඉන්දීය රජය හා ගිවිසුම්ගත අනෙකුත් යුරෝපා රටවල සංචාරකයින්ට ද එන්නත් ලබාගත් බවට සහතික පත්‍ර ඉදිරිපත් කිරීමෙන් වෛරස පරික්ෂාවකට ලක්නොවී, ගුවන් තොටුපොළෙන් පිටව යා හැකි බවයි ඉන්දීය බලධාරින් පවසන්නේ. මේ අතර, වසංගතයේ බලපෑමෙන් අඩාල වී ඇති එරට සංචාරක කර්මාන්තය ඉහළ නැංවීමට ලබන වසරේ මාර්තු මස වන විට විදෙස් සංචාරකයින් සඳහා නොමිළේ වීසා බලපත්‍ර 500,000 ක් නිකුත් කිරීමට ද ඉන්දීය රජය සැලසුම් කර තිබෙනවා.

    Latest News