අමෙරිකානු සහ චින නායකයන් අතර මාර්ගගත සාකච්ඡා...

නොවැ 16, 2021

    තායිවානයට නිදහස ලබාදීමට උත්සහ දැරීම ගින්දර සමග සෙල්ලම් කිරීමක් බව චීනය පවසනවා.

    චීන ජනාධිපති ෂී ජින්පිං මේ අනතුරු ඇඟවීම කළේ, අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සමග පැවති ප්‍රථම නිල සමුළුවේදී.  අමෙරිකානු සහ චීන නායකයන් අතර, මාර්ගගත සාකච්ඡාව අද පැවැත්වුණා.

    ඉකුත් ජනවාරි මාසයේ ජනාධිපති පදවියට පත්වීමෙන් පසු ජෝ බයිඩන්, චීනය සමග පැවැත්වූ වඩාත් විධිමත් සාකච්ඡාව මෙයයි. දෙපාර්ශවය අතර පවතින ගැටලු විසඳා ගැනීම සමුළුවේ ප්‍රධාන අරමුණයි. කෙසේ වෙතත්, තායිවාන ප්‍රශ්නය සම්බන්ධයෙන් බරපතල ගැටලු මතුවී තිබේ.

    Latest News