ජර්මනියට නත්තලට පෙර යළි සීමා

දෙසැ 12, 2020

    නත්තලට පෙර ජර්මනිය නැවත වරක් රට තුළ කොරෝනා වෛරසය හේතුවෙන් සීමා පැනවීම හා ප්‍රදේශ වසාදැමීමට සූදානම් වෙයි.

    ඊයේ දිනයේදී නැවත වරක් දෛනික කොරෝනා මරණ සංඛ්‍යාව 585ක් ලෙස සංඛ්‍යාත්මකව ඉහළ යෑම මෙයට හේතුව වී තිබේ. ගතවූ පැය 24 තුළ දී රට තුළ නව ආසාදිතයින් 28,344ක පිරිසක් වාර්තා විය.

    එම සංඛ්‍යාවත් සමග අද වන විට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 12 ලක්ෂ 98,000 ඉක්මවා තිබේ. රට තුළ ඇතිව ඇති නව වසංගත තත්වය හේතුවෙන් සෞඛ්‍ය අංශ නැවතත් සීමා කිරීම් පැනවීමට අවශ්‍ය කටයුතු සකස් කරමින් සිටින බව, වාර්තා වෙයි.

    Last modified on සෙනසුරාදා, 12 දෙසැම්බර් 2020 11:32

    Latest News