අධික වර්ෂාව නිසා චෙන්නායි නුවරත් යටවෙයි

නොවැ 08, 2021

    අධික වර්ෂාවත් සමග ඉන්දියාවේ චෙන්නායි නුවර පහත් බිම් ජලයෙන් යටවී තිබෙනවා.

    ඇතැම් ස්ථාන අඩි තුනක පමණක් ගැලවී යටවී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ 2015 වර්ෂයෙන් පසු එම ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්ෂාපතනය මෙය බවයි එරට කාලගුණික නිලධාරීන් පවසන්නේ. පැය 24ක් තුළ මිලිමීටර් 210 ක වර්ෂාපතනයක් මෙම ප්‍රදේශයට ලැබී තිබෙනවා. තමිල්නාඩු මහ ඇමති එම්. කේ. ස්ටාලින් පීඩාවට ලක්වූ දේශවල නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර දුප්පත් ජනතාවට සහන සේවා ක්‍රියාත්මක කර තිබෙනවා.

    Latest News