කැළණි ගඟේ හා මහඔයේ පහත් බිම් රැසකට ගංවතුර

සැප් 06, 2022

    වැසි සහිත කාලගුණයත් සමඟ කැළණි ගඟේ ජල මට්ටම හා මහ ඔයේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

    කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් දෙහිඕවිට, රුවන්වැල්ල, සීතාවක, දැරණිගල, දොම්පේ, අවිස්සාවේල්ල, හංවැල්ල, කඩුවෙල, බියගම, කොළොන්නාව, කොළඹ හා වත්තල ප්‍රදේශීය ලේකම් කොට්ඨාශවල පහත් බිම්වලට ගංවතුර ඇතිවීමේ අවධානමක් පවතින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    මේ අතර මහ ඔයේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් අලව්ව, දිවුලපිටිය, මීරිගම, පන්නල, වෙන්නප්පුව, මීගමුව කටාන, නාරම්මල සහ දංකොටුව යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් පහත් බිම්වල විශාල ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබෙනවා.

    ඒ අනුව අදාළ ප්‍රදේශවල සිටින පිරිස් මේ සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

    7f41cd6caf517ec7040d952397ac64d9

    09ac54b90b92df081fa66d0fa036539a

    73e272fa45ced58cb8b4a36aff538036

     

    Latest News